Civil Registrationsසංවිධානාත්මක ආයතන ව්‍යුහයක් තුළ මානව හා භෞතික සම්පත් ඵලදායී ලෙස මෙහෙයවීම තුළින් කඩිනම්, කාර්යක්ෂම  හා තෘප්තිමත් මහජන සේවයක් ලබා දීම සඳහා නිරතුරුව කටයුතු කරනු ලබන අප ප්‍රාදේශිය ලේකම් කාර්යාලය වසර 40 කට අධික දිගු ඉතිහාසයකට උරුමකම් කියයි.

ග්‍රාම නිලධාරි වසම් 52 කින් සමන්විත බළපිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය ගාල්ල දිස්ත්‍රික්කයේ බටහිර මායිමේ වෙරළ කලාපයට සමාන්තරව කි.මී.12 ක් පමන දික් හැඩති තීරයක් ලෙස පිහිටා ඇත. සුන්දර වෙරළ තීරය මෙන්ම දූපත් සමුහයකින් යුත් මාඳු ගඟත් දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ශනයට ප්‍රධාන සාධකයන් වේ.

ඓතිහාසික බලපිටිය පුරවරයේ පෞරාණික විහාරස්ථාන රැසක් මෙන්ම අනෙකුත් ආගමික සිද්ධස්ථානත්, පාසල් , බළපිටිය ගුරු අභ්‍යාස විද්‍යාලය,බළපිටිය කාර්මික විද්‍යාලය,බළපිටිය රෝහල ආදි රාජ්‍ය ආයතන රැසකුත් ස්ථාපිතව ඇත .

සිංහල ජනතාව 97% ක් , මුස්ලිම් ජනතාව 2.6% ක්,සහ වෙනත් 0.4% ක් ජීවත් වන මෙම කොට්ඨාසයේ ප්‍රධාන ආර්ථික කටයුතු වන්නේ කෘෂි කර්මාන්තය,සංචාරක කර්මාන්තය සහ ධීවර කර්මාන්තයයි.

විරුවන් රැසක් මෙන්ම විද්වතුන් රැසක් බිහිවි තිබෙන බළපිටිය පුරවරය ඓතිහාසික වශයෙන් ඉතා දිගු මෙන්ම පෞඪ ඉතිහාසයකට උරුමකම් කියයි. කෝට්ටේ රජ කළ VI වන පැරකුම්බා රජුගේ භට සේනාව කවුරුලා සිටි ස්ථානය බලපිටිය වූ බව ඵෙතිහාසික තොරතුරු වල සහන් වෙයි. හංස සංදේශයේ ද බලපිටිය ප්‍රදේශය පිළිබව සහන් කර ඇති අතර, එකල බලපිටිය කෝට්ටේ සිට මාතර දක්වා මුහුදු බඩ ගමන් මාර්ගයෙහි නවාතැන් පලක් වී ඇත. මුහුදු බඩ ප්‍රදේශ පාලනය කළ පෘතුගීසින් හා ලන්දේසින් කුරුු කෙරෙහි දැක්වූ විශේෂ උනන්දුව නිසා මුහුදු බඩ ප්‍රදේශ දැඩිව පාලනය කර ඇති අතර ඒ හේතුවෙන් බුද්ධාගම ද විශාල වශයෙන් පරිහානියට පත් වී ඇත. මෙම කාලයේදී අඹගහපිටිය විහාරස්ථානයේ වැලිතර ශ්‍රී ඥානවිමල මහ නායක හිමියන් ඇතුළු පිරිසක් බුරුමයේ අග නුවරට ගොස් ක්‍රි.ව. 1802 දි උපසම්පදාව ලබා පැමිණ අමරපුර නිකාය පහිටුවා ඇත. වර්තමානයේ ද අමරපුර නිකායේ මුලස්ථානය පිහිටා ඇත්තේ වැලිතර අඹගහපිටිය විහාරස්ථානයේය.

 

පුවත් සහ සිදුවීම්

Scroll To Top